Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැයි මස සිට මේ දක්වා සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක්

  මැයි මස සිට මේ දක්වා සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක් මෙරටින් වාර්තා වී ඇති බවත් ඉන් වැඩි රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ යාපනය දිස්ත්‍රික...

 



මැයි මස සිට මේ දක්වා සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක් මෙරටින් වාර්තා වී ඇති බවත් ඉන් වැඩි රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

තවද කලුතර, ගාල්ල, මාතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් සහ කල්මුණේ යන ප්‍රදේශයෙන්ද සරම්ප රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

මෙම සරම්ප රෝගය ශ්‍වසන මාර්ගය හරහා ඇතුළුවන වෛරසය ශරීරගත වී සති දෙකක් පමණ ගත වන විට රෝගී ලක්ෂණ මතුවීම සිදුවන බවත් සෙම්ප්‍රතිශ්‍යාව, උණ, නාසයෙන් සොටු දියර ගැලීම සහ ඇස් රතු වීම එහි මුලික ලක්ෂණ බව වෛද්‍යවරුන් සදහන් කරයි.

දකුණු ආසියාවේ සරම්ප තුරන් කළ රටවල් අතරින් එක් රටක් ලෙස ශ්‍රී ලංකාව පසුගිය 2019 වසරේදී සරම්ප රෝගය මෙරටින් තුරන් කරනු ලැබු අතර යළි මෙරටින් වාර්තා වන සරම්ප රෝගය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව ඇත.

මෙම රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ සහ ජාතික උපදේශක කමිටුවේ උපදෙස් ලබාගෙන ඇති අතර එළඹෙන 2024 වසරේ ජනවාරි (06) වැනිදා සිට දිවයිනම ආවරණය වන පරිදි එන්නත්කරණ වැඩසටහනක් දියත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

No comments

Ads Place