මේ වසරේ ගත වු මාස කිහිපය තුළ HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනාගෙන තිබේ. ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විද...
මේ වසරේ ගත වු මාස කිහිපය තුළ HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, ආසාදිතයින් වාර්තා වීම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවය.
"ලංකාවේ HIV තත්ත්වය ගත්තහම මේ වර්ෂයට 4,100ක් ඇස්තමේන්තු කරලා තියෙනවා. මේ අවුරුද්දේ ජනවාරි මස 1 වනදා ඉඳලා සැප්තැම්බර් මාසය අවසන් වෙනකල් නව HIV ආසාදිතයින් හමුවෙලා තියෙනවා 485ක්. මේක සාපේක්ෂව ගිය වසරත් එක්ක සලකා බලද්දි වැඩිවීමක් විදියට තමා අපි දකින්නේ. HIV පරීක්ෂාව වැඩිපුර රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන සමග එකතුවෙලා වැඩිපුර කරනවා. ඒ වගේම තමා මේ අතරින් 80%ක්ම වාර්තා වෙන්නේ පිරිමි අය අතරේ. අවුරුදු 15 - 49ත් අතර තමා වැඩිපුරම HIV ආසාදනය වැඩිවෙන්නේ."
දෙසැම්බර් පළමු වැනි දිනට යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ද වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළාය.
"වැඩිපුරම වැඩසටහන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතව කරන්නේ, වැඩිපුරම අවදානම් කණ්ඩායම් එම ප්‍රදේශ දෙකේ ඉන්න නිසා. "ප්‍රජාව බලගන්නමු - ඒඩ්ස් වළකමු" කියන තේමාව යටතේ දෙන විශේෂම පණිවුඩය තමා, HIV පරීක්ෂාවක් කරගෙන තමන්ගේ තත්ත්වය හඳුනාගන්න. ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුයුක්ත දිවයින පුරා තියෙන ජාතික ලිංගාශ්‍රිත රෝග සායන 40ක් තියෙනවා. Know4Sure කියන ඇප්එක පාවිච්චි කරලා ගෙදරටම HIV පරීක්ෂාවක් කරගන්න ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා."
No comments