ශ්‍රී ලංකා ක්‍රීඩක මැතිව්ස්ගේ ආන්දෝලනාත්මක දැවී යාම ගැන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් තරග විචාරකයින් විසින් ...
ශ්‍රී ලංකා ක්‍රීඩක මැතිව්ස්ගේ ආන්දෝලනාත්මක දැවී යාම ගැන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් තරග විචාරකයින් විසින් විවේචනය කිරීමට එරෙහිව අධිකරණය වෙත ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව එරට මහාධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනල්ඩ් සමග විස්තර විචාරක කුටියේ සිටි වකා යුනිස් විසින් බංග්ලාදේශ නායක ශකිබ් කළ ඉල්ලීම ක්‍රීඩකයෙකුගේ හැසිරීමක් නොවන බවට පවසමින් එය විවේචනය කිරීමට එරෙහිව එරට නීතිඥවරයෙකු වන Rahman Khan විසින් එම පෙත්සම ගොනුකර ඇත.
මේ සම්බන්ධව කරුණු දැක්වීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ එහි සභාපතිවරයාට දින 10ක කාලයක් ලබාදී ඇත.
No comments