Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝකයේ විෂ සහිත ආහාර ලබාගන්නා රටවල් අතර පළමුවැනි ස්ථානය ශ්‍රී ලංකාවට.!

වෙළෙඳපළෙන් මිලදී ගන්නා එළවළු, පලතුරු, සහල්, මස්, මාළු බොහොමයක් කල් තබා ගැනීම සඳහා යොදන වස විෂ, අඩංගු රසායන ද්‍රව්‍ය හේතුවෙන් රෝග කාරක බවට පත...

වෙළෙඳපළෙන් මිලදී ගන්නා එළවළු, පලතුරු, සහල්, මස්, මාළු බොහොමයක් කල් තබා ගැනීම සඳහා යොදන වස විෂ, අඩංගු රසායන ද්‍රව්‍ය හේතුවෙන් රෝග කාරක බවට පත්ව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සදහන් කරයි.

වෙළෙඳසල්වලින් අලෙවි කෙරෙන චිකන් බුරියානි වර්ග හා ෆ්‍රයිඩ් රයිස් කහ පැහැ ගැන්වීමට අධි මාත්‍රාවෙන් භාවිත කරන කහ පැහැති වර්ණකය නිසා සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් උද්ගත වී ඇති බවද සදහන් කරයි.

කහ වෙනුවට යොදා ගන්නා කහ වර්ණකයෙන් නියම කර ඇති මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවක් බුරියානි හා ෆ්‍රයිඩ් රයිස් සඳහා යොදා ගන්නා බැවින් ඒවා ආහාරයට ගැනීමෙන් රෝගාතුර වීමේ අවදානමක් පවතින බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සදහන් කරයි.

එනිසා ලෝකයේ විෂ සහිත ආහාර ලබාගන්නා රටවල් අතුරින් පළමුවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් කොස් කල් තබා ගැනීමට සහ අඹ ඉදවීමට සිරුරට අහිත කර රසායන ද්‍රව්‍ය යොදා ගන්නා බවට හෙළිවී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සදහන් කරයි.

No comments

Ads Place