Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගමැති ධුරයට සාලිය පීරිස් පත් කිරීමට සැලසුමක්.!

  මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් අග්‍රාමාත්‍ය වරයා ලෙස පත් කිරීමට සැලසුමක් තිබූ බ...

 


මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් අග්‍රාමාත්‍ය වරයා ලෙස පත් කිරීමට සැලසුමක් තිබූ බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් සඳහන් කරයි.

ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉවත්ව සාලිය පීරිස් මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිස අග්‍රාමාත්‍ය ධුරට බාර ගැනීම එම සැලසුම බවත් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග නීතිඥ සංගමය සාකච්ඡා කර තිබූ බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සම්බන්ධයෙන් කළ ප්‍රකාශ ගැන, සභාපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රතිචාර දක්වා ඇත.

පසුගිය 2022 වසරේ මැයි (09) වැනිදාට පෙර තමන්ට මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වුවමනාවක් තිබූ බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බවත් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කණගාටුවන බවද සදහන් කරයි.

නීතිඥ සංගමය 2022 වසරේ මැයි මස ඉදිරිපත් කළ යෝජනා කිසිවිටෙකත් පුද්ගලයන් ගැන ඉදිරිපත් කළ ඒවා නොව ලංකාවේ දේශපාලන සහ පාලන අර්බුදයට විසඳුම් ලෙස ඉදිරිපත් කළ ඒවා බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කරයි.

රටේ සිටින දේශපාලනඥයන් මෙන් තමා කිසිවිටෙකත් සිය පෞද්ගලික අවශ්‍යතා රටේ අවශ්‍යතාවලට වඩා ඉහළින් තබා නොමැති බවත් පෞද්ගලික වාසි තකා හෝ තනතුරුවලට ගිජු වී තමා සිය ප්‍රතිපත්ති පාවාදී නොමැති බවද නීතීඥවරයා සදහන් කරයි.

No comments

Ads Place