Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපි ආර්ථිකය විනාශ කළේ නෑ.. මඩ ගහන අයගේ අත්වල මඩ ගෑවෙන ගෑවෙයි - මහින්ද රාජපක්ෂ

  ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කිරීම සම්බන්ධයෙන් එල්ලවන සියලු චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (21) පාර්ලිමේන්තුවේද...

 


ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කිරීම සම්බන්ධයෙන් එල්ලවන සියලු චෝදනාවන් ප්‍රතික්ෂේප කරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

චෝදනාවක් නැගුව පමණින් මඩවලට උත්තර දෙන්න අපිත් ආයේ මඩ අල්ලන්න අවශ්‍ය නැති බවත් එනිසා අපිට කියන්න තියෙන්නේ මඩ ගහන අයගේ අත්වල මඩ ගෑවෙන බවද හිටපු අගමැතිවරයා සදහන් කරයි.

හිටපු අගමැතිවරයා තවදුරටත් සදහන් කළේ,

“ගරු නියෝජ්‍ය කථානායකතුමනි මේ සභාවේදී ආර්ථිකය සම්බන්ධව අපිට විශාල චෝදනාවක් නැගුනා. හැම චෝදනාවක්ම අපි ප්‍රතික්ශේප කරනවා. දැන් එක එක අයගේ අයිතීන් නැතිකරන්න කතාකරන උදවියත් ඒ කාලේ කරපුවා අපිට මතකයි.

හැබැයි චෝදනාවක් නැගුව පමණින් මඩවලට උත්තර දෙන්න අපිත් ආයේ මඩ අල්ලන්න අවශ්‍යද? ඉතින් ඒ නිසා අපිට ඒ අයට කියන්න තියෙන්නේ මඩ ගහන අයගේ අත්වල මඩ ගෑවෙයි. කාගේහරි අයිතියක් නැතිකරන්න කතාකරන අය අඩුම රටේ ජනතාවගේ අයිතිය තහවුරු කරගන්න වැඩකරලා ඉන්න.

අපි ඉතිහාසය පුරා ජනතාවට ජීවිත අයිතිය සුරක්ෂිත කරන තැන ඉඳන් අපි යුතුකම ඉටුකරලා තියෙනවා. ඒ නිසා නැතිකරන්න කතාකරන අයට අයිතියක් රැකදෙන අමාරු බව දැන්වත් වටහාගන්න කියලයි ඉල්ලන්නේ.”

No comments

Ads Place