ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමග පවතින යුද ගැටුම් නවතා සටන් විරාමයකට යෑමට කවුරුන් බලපෑම් කලත් ඊශ්‍රායලය එයට සූදානම් නැතැයි ඊශ්...
ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමග පවතින යුද ගැටුම් නවතා සටන් විරාමයකට යෑමට කවුරුන් බලපෑම් කලත් ඊශ්‍රායලය එයට සූදානම් නැතැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරයි.
ගාසා තීරයේ සටන් විරාමයක් ඇති වන්නේ එම හමාස් සටන්කාමීන් සියලුම දෙනා මරා දැමීමෙන් පසුව බවත් ඒ වනතෙක් දීර්ඝකාලීන යුද්ධයකට ඊශ්‍රායලය සූදානම් බවද අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරයි.
පවතින යුද ගැටුම් නවතා සටන් විරාමයකට යාම හමාස් සංවිධානයට හිස නැමීමක් බවත් කිසිවිටෙකත් හමාස් සටන්කාමීන්ට හිස නමන්නේ නැති බවත් කිසිම අවස්ථාවක ගාසා තීරයේ සටන් විරාමයක් ක‍්‍රියාත්මක නොකරන බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි.
ගාසා තීරයේ ජනතාව ආරක්ෂා කිරීමට සටන් විරාමයක් අවශ්‍ය බවට එක්සත් ජාතික ආරක්ෂ මණ්ඩලයටත්, මහා මණ්ඩලයටත්, රටවල් බොහොමයක් යෝජනා ඉදිරිපත් කලද ඇමෙරිකාව නිශේධ බලය යොදා යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.
No comments