Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සී.ඩී ඉවතට.. නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්.?

  දැනට පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටින සී.ඩී. වික්‍රමරත්නට ලබාදී ඇති සේවා දිගුව මෙම සති අන්තයේ අවසන් වීමට නියමිතව ඇත. ජනාධිපතිවරයා විසින් ...

 


දැනට පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටින සී.ඩී. වික්‍රමරත්නට ලබාදී ඇති සේවා දිගුව මෙම සති අන්තයේ අවසන් වීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා එවන ලද නම 17 දිනයේ දෙවන වතාවටත් ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

සී.ඩී.වික්‍රමරත්න තවදුරටත් එම ධුරයේ තබාගැනීමට නීතිවිරෝධී බවත් ඔහු තවදුරටත් පොලිස්පති ධුරය තබාගෙන ගන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්නයක් මතුව තිබෙන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති අතර එම සභාව තුළ කිසියම් බෙදීමක් හටගෙන ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේද.? එසේත් නැත්නම් නව පොලිස්පතිවරයෙකු පත් කරන්නේද.? නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැත.

නව පොලිස්පති ධුරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු සිටියද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම මීලග පොලිස්පති ධුරය සදහා නම් කර ඇති බව වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම මීලග පොලිස්පති ධුරය සදහා නම් කිරීම හේතුවෙන් කිසියම් අර්බුදයක් මතුව ඇති බව වාර්තා වේ.

No comments

Ads Place