බෞද්ධ ආගමට අපහාස කළේ යැයි චෝදනා කරමින් අධිකරණය හමුවට ගොනු කර තිබූ පැමිණිලි සලකා බලා දේවගැති ජෙරම් ප්‍රනාන්දුට රටින් පිටවීමේ වාරණ නියෝගයක් ...
බෞද්ධ ආගමට අපහාස කළේ යැයි චෝදනා කරමින් අධිකරණය හමුවට ගොනු කර තිබූ පැමිණිලි සලකා බලා දේවගැති ජෙරම් ප්‍රනාන්දුට රටින් පිටවීමේ වාරණ නියෝගයක් පැන වුවද ඊට පෙර ඔහු රටින් පිටව ගියේය.
අපහාස චෝදනා සම්බන්ධව රටින් පැන ගිය දේවගැති ජෙරම් ප්‍රනාන්දු මේ වනවිට විදේශගත වී සිටින අතර ඔහු නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.
කටුනායක ගුවන් තොටුපොළේදී හෝ වෙනත් තැනකදී අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කළ නියෝගයෙන් පසුව ජෙරම් ප්‍රනාන්දු ලංකාවට පැමිණීමට නියමිතය.
එම නියෝගය සමඟ ජෙරම් ප්‍රනාන්දු ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහු පැමිණි පසු සුපුරුදු පරිදි දේව මෙහෙය කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා වේ.
No comments