Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘ඔන්මැක්ස් ඩීටී’ ලොක්කන් පහටම ඇප දෙයි!

නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්...


නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (16) නියෝග කළේය.

ඇප ලබා ගැනීමෙන් පසු සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9ත් 12 ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණීජ අපරාධ විර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙසටද අධිකරණයෙන් තවත් ඇපයක් නියම කෙරිණී.

සැකකරුවන්ගේ පදිංචිය සනාත කෙරෙන ග්‍රාම නිලධාරී සහතික අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ඇප නියෝගයේ සදහන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ ජංගම දුරකතන මහ පරිගණක උපාංග අද (17) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු භාරදෙන ලෙසටද නියම කළේය.

ඒ අනුව මෙලෙස ඇප මත මුදා හැරුණේ, ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් වන කහඳවආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, සම්පත් සඳරුවන්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ජයාන් යන අයවලුන්ය.

No comments

Ads Place