Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව අයවැයෙන් සුරංගනා කතා කොච්චර කීවත් වැඩක් නෑ.! ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් - නාමල්

  2024 නව අයවැයෙන් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය අයවැය තුලින් ඉදිරිපත් කළ බොහෝ කාරණා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ...

 


2024 නව අයවැයෙන් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය අයවැය තුලින් ඉදිරිපත් කළ බොහෝ කාරණා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කළේ,

“බොහෝ කාරණා එතුමා ගියවර අයවැය තුළිනුත් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා නැති බවක් පේනවා. ඉතින් නැවත වතාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. එකම කාරණය දෙපාරක් කියවෙනවා කියලා කියන්නේ එය ප්‍රායෝගිකව බිම් මට්ටමේ ඉටුවෙලාද.? නැද්ද .?

අපි බලන් ඉන්නවා මෙවර අයවැයත් එවැනි දේශනයකට පමණක් සීමාවෙන අයවැය ප්‍රකාශනයක් ද කියන කාරණය. ඉදිරි කාලසීමාව තුළ මේ ගැන අධ්‍යයනය කර අපි අපේ අදහස් පාර්ලිමේන්තු විවාදයේදී ඉදිරිපත් කරන්නම්. බලමු ජනාධිපතිතුමා ඒවා පිළිගනීද කියලා.

එතුමා ඇවිත් ඉන්නේ පොහොට්ටු ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා විදියට. එහෙමනම් අපේ ප්‍රතිපත්ති අයවැය යෝජනා තුළ තිබෙන්න ඕනේ. සුරංගනා කතා ලස්සන කතා කොච්චර කීවත් වැඩක් නැහැ. ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්.”

ජනාධිපතිවරයා නව අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

No comments

Ads Place