Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගාසා තීරයේ සෑම විනාඩි 10කදීම එක් දරුවෙකු මරුට.!

  දෙපාර්ශ්වයකින් ගාසා නගරයට ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායල හමුදා වෙත ස්වයංක්‍රිය තුවක්කු, දේශීයව නිපද වූ යුද ටැංකි මිසයිල යොදාගෙන පහරදුන් බව හමාස...

 


දෙපාර්ශ්වයකින් ගාසා නගරයට ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායල හමුදා වෙත ස්වයංක්‍රිය තුවක්කු, දේශීයව නිපද වූ යුද ටැංකි මිසයිල යොදාගෙන පහරදුන් බව හමාස් සංවිධානයේ අල් කසාම් සන්නද්ධ බළකාය සඳහන් කරයි.

ගාසා තීරයේ අල් කඩ්ස් රෝහල අසළට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ලවී ඇති බවත් එම රෝහලේ මේ වනවිට රැඳීසිටින අවතැන්වූවන්ට හා සෞඛ්‍ය සේවකයින්ට දැඩි අවදානමක් එල්ල කරන බවද පලස්තීන රතු කුරුස සංගමය සදහන් කරයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් දෛනිකව ගාසා තීරයේ දරුවන් 420 ඉක්මවූ පිරිසක් තුවාල ලබා හෝ මරණයට පත්වන බවත් සෑම විනාඩි 10කදීම එක් දරුවෙකු මිය යන බවද “සේව් ද චිල්ඩ්රන්” සංවිධානය සදහන් කරයි.

නොනවතින ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ වනවිට පලස්තීන ජනතාව 8,300කට අධික පිරිසක් මියගොස් ඇති බවත් විශාල පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර ලබන බවද සදහන් කරයි.

මෙවන් පසුබිමක් තුළ කිසිදු විටෙක සටන් විරාමයක් සඳහා එකඟ නොවන බවත් සටන් විරාමයක් සඳහා එකඟවීම යනු හමාස් සංවිධානයට යටත්වීමට සමාන ක්‍රියාවක් බවන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සදහන් කරයි

No comments

Ads Place