Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නා අවසන් පන්දු 06ට කඩුළු 06ක් දවාගනී.!

  ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයකදී එක පන්දු ඕවරයකදී කඩුලු 6ක් දවා ගැනීමට පන්දු යවන්නෙක් සමත්ව ඇති බව විදෙස් ...

 



ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයකදී එක පන්දු ඕවරයකදී කඩුලු 6ක් දවා ගැනීමට පන්දු යවන්නෙක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Mudgeeraba කණ්ඩායම ලකුණු 178ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Surfers Paradise කණ්ඩායමට අවසාන ඕවරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 05 ක් අවශ්‍යව තිබුණේය.

කිසිවෙක් බලාපොරොත්තු නොවූ ලෙස Mudgeeraba කණ්ඩායමේ ක්‍රීඩකයා අවසන් ඕවරයේදී කඩුලු 06 ක් දවාගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය.

එම තරගයේ අවසාන ඕවරයෙදී Surfers Paradise කණ්ඩායමට ලකුණු 05 ක් ලබාගැනීම සඳහා ඔවුන් සතුව කඩුලු 06 ක් තිබුණද Mudgeeraba කණ්ඩායමේ ක්‍රීඩකයාගේ පන්දු යැවීම හමුවේ පිතිකරුවන් ක්‍රීඩාගාරය වෙත යැවීමට සමත් විය.

No comments

Ads Place