Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හයිලන්ඩ්, NLDB, මිල්කෝ ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීමට සැරසෙයි - අනුර

  හයිලන්ඩ්, මිල්කෝ ඇතුළු ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කිරි ගොවිපළ 31ක් ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීමට සැලසුම් කර ඇතැයි ජාතික ජන බල...

 

හයිලන්ඩ්, මිල්කෝ ඇතුළු ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කිරි ගොවිපළ 31ක් ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීමට සැලසුම් කර ඇතැයි ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ආඩිගම, රිදියගම, නාරම්මල සහ පොළොන්නරුව කිරි ගොවිපළ ඇතුළු කිරි ගොවිපළ 21ක් අලෙවි කරන බවත් මිල්කෝ සමාගම විකිණීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර හයිලන්ඩ් සමාගම විකිණීමට තවත් කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීම සම්බන්ධයෙන් කමිටු දෙකක් පත් කර ඇති බවත් ගොවිපළවල ඇති ඉඩම, ගස්වැල් සහ වගාව තක්සේරු කිරීම සඳහා එක් කමිටුවකට පැවරී ඇති බවද මාවනැල්ල ආසන සම්මේලනය අමතමින් මන්ත්‍රීවරයා සදහන් කරයි.

ගොවිපළවල සතුන් සහ උපකරණ තක්සේරු කිරීම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දෙවන කමිටුවට පැවරී ඇති බවද මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කරයි.

No comments

Ads Place