ගෘහ සේවය සදහා සෞදියට ගොස් සිටි 45 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකට සේවය කළ නිවසේ හිමිකරු සහ හිමිකාරිය එක්වී ශරීරයට පෙට්‍රල් දමා ගිනි තබා ඇත...
ගෘහ සේවය සදහා සෞදියට ගොස් සිටි 45 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකට සේවය කළ නිවසේ හිමිකරු සහ හිමිකාරිය එක්වී ශරීරයට පෙට්‍රල් දමා ගිනි තබා ඇති බව වාර්තා වේ.
නිවසේ හිමිකාරිය සහ හිමිකරු විසින් ඔවුන්ගේ දරුවන්ට නිසි ලෙස ආහාර ලබානොදුන් බව පවසමින් ලාංකික කාන්තාවට අමානුෂික ලෙස පහරදී ශරීරයට පෙට්‍රල් විසිකර ගිනිතබා ඇත.
අනතුරුව ඉන් බේරීමට ඇය කෑගසා තිබුණත් ඉන් ඵලක් වී නොමැති අතර පසුව පසුව නිවෙස්හිමියා එම ගින්න නිවා දමා ගිලන් රථයක් ගෙන්වා ඇයව රෝහලකට යොමු කර ඇත.
මාස 07කට පමණ පෙර මෙම අවාසනාවන්ත සිදුවීමට තමන් මුහුණ දුන් බවත් සෞදියේ රෝහලක ප්‍රතිකාර ලබා පසුව එරට පොලීසියේ මැදිහත්වීමෙන් තමන්ව රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කළ බවද ඇය පවසයි.
මේ වනවිට දැඩි දුෂ්කරතා මධ්‍යයේ මාස එකහමාරක පමණ කාලයක් එම රැඳවුම් මධ්‍යස්ථානයේ තමන් ජීවත් වන බැවින් ඉතා ඉක්මනින් තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ඇය අයැද සිටියි.
ඇයව තවත් කාන්තාවක් විසින් යොමු කළ කුරුණෑගල විදේශ රැකියා නියෝජිත ආයතනයක සහාය ඇතිව පසුගිය පෙබරවාරි මස (08) වනදා සෞදියේ රියාද් නගරයට පිටත්ව ගොස් ඇත.
තමන් මේ සම්බන්ධයෙන් අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනයට දැනුම් දුන්නද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සහ එරට තානාපති කාර්යාලට දැනුම් දුන් නමුත් ඔවුන්ගෙන්ද පිළිතුරක් නොමැති බවද ඇය පවසයි.
No comments