මේ වනවිට රජය ඉන්ධන අලෙවි කිරීමෙන් අති විශාල ලාභයක් ලබන බව මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි. රටේ ජනතාව වෙනුවෙන් රජ...
මේ වනවිට රජය ඉන්ධන අලෙවි කිරීමෙන් අති විශාල ලාභයක් ලබන බව මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක සදහන් කරයි.
රටේ ජනතාව වෙනුවෙන් රජය ඉන්ධන මිල අඩු කිරීමට හැකියාව තිබුණ ද ඉන්දීය IOC සහ චීන Sinopec ඉන්ධන සමාගම් වලට ලාභ ලබාදීමට රජය සැලසුම් සහගතව ඉන්ධන මිල අඩු නොකරන බවද සදහන් කරයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ඉන්ධන අලෙවියෙන් රජයට පාඩු සිදු වන බවට සිදු කරන ප්‍රකාශයන් රටේ ජනතාව නොමග යවන ප්‍රකාශ බවද ජනක රත්නායක සදහන් කරයි.
ඉන්දීය IOC ආදායම පසුගිය 2022 වසරේ බිලියන 45ක සුද්ද ලාබයක් ලැබු බවත් මෙම 2023 වසරේ පසුගිය මාස 06ක කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 80ක ආදායමක් ලැබු බවද සදහන් කරයි.
තවදුරටත් ඉන්ධන මිල අඩු කිරීමට හැකියාව ඇතත් එළඹෙන මස මුලදී පලස්තීන සහ ඊශ්‍රායලය යුද්ධය නිසා ලෝක වෙළදපොලේ බොරතෙල් මිල වැඩි වී ඇති බැවින් යළිත් වතාවක් ඉන්ධන මිල වැඩි කරන බවද සදහන් කරයි.
තවදුරටත් ජනතාවට මේ මිල වැඩි කිරීම දරාගැනීමට නොහැකි බවත් එළඹෙන ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, රටේ ජනතාව තමාට කැමති බවත්, තමා අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන බවද ජනක රත්නායක සදහන් කරයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මේ බව සදහන් කරයි.
No comments