විදුලි ගාස්තු ඉහළ දැමීම සදහා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින් ඒ සදහා අනුමැතිය ලබාදීමට නියමිත බව වාර්...
විදුලි ගාස්තු ඉහළ දැමීම සදහා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින් ඒ සදහා අනුමැතිය ලබාදීමට නියමිත බව වාර්තා වේ.
මහජන උපයෝගිතා පනත ප්‍රකාරව ජනතාවගේ අදහස් ගැනීමට දින 21ක කාලයක් ලබාදී ජනතාවගෙන් වාචික අදහස් ගැනීම එළඹෙන (18) වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
ඒ අනුව මෙම මස අගදී විදුලි ගාස්තු ඉහළ දැමීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදීමට නියමිත අතර අනුමැතිය ලබාදෙන දිනයේ සිට එය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
No comments