Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘ලයිට් බිල් එවන්නත් එපා! මම ගෙවන්නෙත් නෑ! මෙච්චර කල් හිටපු කිසිම නායක හාමුදුරුවො කෙනෙක් ගෙව්වෙත් නෑ - සිරිපාදේ නායක හාමුදුරුවෝ

වැඩි වූ විදුලි බිල කිසිසේත් නොගෙවෙන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති. විදුලි බලමණ්ඩලය හමුවේ අවධාරණය කරමින් මෙම අදහස් ...



වැඩි වූ විදුලි බිල කිසිසේත් නොගෙවෙන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති.

විදුලි බලමණ්ඩලය හමුවේ අවධාරණය කරමින් මෙම අදහස් දක්වූයේ එළැඹෙන ශ්‍රී පාද වන්දනා සමය පිළිබඳ රත්නපුර දිස්ත්‍රීක් ලේකම් කර්‍යාලයේ පැවති සාකච්ඡාවකදීය.

” අපි ඉල්ලපු දෙයක් නෙවෙයි . මේ ආණ්ඩුවේ හිටපු නායකතුමා ශ්‍රී පාදස්ථානය පවතිනතුරු විදුලිය දෙන බවට වෙච්ච පොරොන්දුවක්. 

කළින් නායක හාමුදුරුවෝ කෙනෙක්වත් දායකයෙක්වත් ගෙවන්න බැඳිලාත් නෑ. ගෙව්වෙත් නෑ. පූර්වාදර්ශයක් ගන්න අපිට කුමක්වත් නෑ.

 එම නිසා ඔබතුමාලා නිකන් ඉන්න , නැත්තම් කපලා දාන්න . 

මහ පාරවල් දෙපැත්තේ තියෙන ලයිට් වලට කාගෙන්ද අය කරන්නේ.. මහාමාර්ග දෙපාර්තමේන්තුවේන් ගෙවනවද ..මේකත් මහා පාරවල් තුනක් වගේ තමයි මහජනයා යන.  

ඔබතුමාලගේ චක්‍ර ලේඛණ වලට ක්‍රියා කරන්න මත්තෙන් , ශ්‍රී පාදස්ථානය තියෙන්නෙ කුමකටද මේක පවතින්නෙ ඇයි කියලා කල්පනා කරල කටයුතු කරන්න.. 

කිසිම දවසක අපි බැඳිලා නෑ. ඉස්සර නායක හාමුදුරුවෝ කෙනෙක්වත් ඒක ගෙවලත් නෑ. 

මම එන්ජිමක් ගෙනියලා උඩ බලන අයට ලයිට් දාලා දෙනවා.

ඉල්ලගෙන එන්නත් එපා. ගෙවන්නෙත් නෑ.”

No comments

Ads Place