Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්.!

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පුහුණු තරගයෙන් ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් ව...


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පුහුණු තරගයෙන් ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 294ක් රැස්කරගත් අතර අගනා පිතිහරඹයක නියැලුණු නායක කුසල් මෙන්ඩිස් ලකුණු 158ක් රැස්කරගත්තේය.

අනතුරු පිළිතුරු ඉනිමට ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 42 කදී ලකුණු 257ක ඉලක්කයක් හිමිවිය.

ඒ අනුව අගනා පිතිහරඹයක නියැලුණු ඇෆ්ගනිස්තාන පිතිකරුවෝ පන්දුවාර 38යි එක් පන්දුවක් තුළදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 261ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත්විය.

No comments

Ads Place