Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත හොරකමට චෝදනා ලැබූ අය නැවතත් එහි මුල් පුටු වලට - රවී කුමුදේශ්

  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සංසෝධනයක් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙනව, ආරංචි මාර්ගවලට අනුව සංශෝධන ඉදිරි ...

 


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සංසෝධනයක් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙනව, ආරංචි මාර්ගවලට අනුව සංශෝධන ඉදිරි දින කීපයේ සිදුවීමට නියමිතයි , නමුත් යෝජනා වී ඇති සභාපති වරයා සම්බන්දයෙන් පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් දත්ත මගඩිය සම්බන්දයෙන් විශාල චෝදනා එල්ලවූ විශේෂඥ වෛද්‍ය වරයකු  පත් කිරීමට නියමිතව ඇතැයි ආරංචි සදහන් කරන්නේ , ඒ වගේම විශාල දුෂණ චෝදනා එල්ලවූ හිටපු සභාපතිවරයෙක් නැවතත් අධ්‍යක්ෂක මණ්ඩලයට ගැනීමේ උත්සහයක් පවතින බවයි වාර්තාවන්නේ 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රවී කුමුදේශ් පෙන්වාදෙන්නේ 

“ඖෂධ නියාමන අධිකාරියේ ඇත්ත හොරකම හෙළිදරව් වන පලවෙනි තැන තමයි මේ දත්ත මකපු තැන ඊට පස්සේ මේ මකපු දත්ත ඇතුලේ හදාගත්ත මේ ක්‍රමවේදය ඇතුලේ තමයි මේ හොරකම් සියල්ල සිද්ධවෙන්නෙ ඒ නිසා දැන් අපිට පේනවා එක හොර කල්ලියක් අයින් කරල තව හොර කල්ලියක් ආපසු ඖෂධ නියාමන අධිකාරිය අල්ලාගැනීමේ  යාන්ත්‍රණය දියත් වෙලා තියෙනව”

තව දුරටත් මොහු පවසන්නේ මේ  අය නැවතත් එන්නේ දත්ත හොරකම සම්බන්දයෙන් තිබෙන නඩුවේ කතාන්දරය යටපත් කරන්න සහ මේ හොරකමේ මූලාරම්භයට යැයි ද ඔහු පවසනව

No comments

Ads Place