කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කනස්සල්ලට පත්ව සිටින අතර එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගන්නා ලද වැරදි තීන්දුවක...
කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කනස්සල්ලට පත්ව සිටින අතර එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගන්නා ලද වැරදි තීන්දුවක් බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කරයි.
ජනාධිපතිවරයාගේ මෙම වැරදි තීන්දුව නිසා පොදුජන පෙරමුණ පක්ෂය තුළ විරෝධයක් මතුව ඇති අතර අමාත්‍ය ධූරයක් ඉවත් කර නිදහස් පක්ෂයට ලබාදී රාජ්‍ය ඇමති ධූරයකුත් අලුතින් එක් කිරීම වැරදි දෙයක් බවද මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කරයි.
එම තීරණය සම්බන්ධයෙන් පක්ෂය තුළ සතුටක් නැති බවත් පොදුජන පෙරමුණ පක්ෂය ඊට දැඩි විරෝධය පළ කරන බවත් ජනාධිපතිවරයාට එය නොකල සිටිය යුතු දෙයක් බවද පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කරයි.
ජනාධිපතිවරයාට ඉදිරියේදී ආණ්ඩුව කරගෙන යාමට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානම් බවත් පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහාය නොදීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
No comments