රාජගිරිය ඔබේසේකරපුර වජිර මාවතේ පිහිටි නිවසක් තුළ කසිප්පු පෙවීමේ නිරතව සිටි බව කියන කොළඹ වරාය නගරයේ වැඩ පරීක්ෂකවරුන් ලෙස සේවය කරන චීන ජාතික...
රාජගිරිය ඔබේසේකරපුර වජිර මාවතේ පිහිටි නිවසක් තුළ කසිප්පු පෙවීමේ නිරතව සිටි බව කියන කොළඹ වරාය නගරයේ වැඩ පරීක්ෂකවරුන් ලෙස සේවය කරන චීන ජාතිකයින් දෙදෙනෙකු වැලිකඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් අනුව ඊයේ (19) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
කසිප්පු පෙරීමේ උපකරණ කසිප්පු පෙරීමට පදම් කරන ලද ගොඩා ලීටර් 250ක්, කසිප්පු 600ක් සහ කසිප්පු පෙරීමට යොදාගත් උපකරණ රැසක් දමෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් දෙදෙනා 41 සහ 46 හැවිරිදි වියේ පසුවෙන අතර මොවුන් කුලී පදනම මත මෙම නිවස ලබාගෙන තිබිණි යැයි පොලිසිය කියයි.
No comments