ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා නියමිත වේලාවට ගුවන්ගත කිරීමට නොහැකි නම් ගුවන් ගත කිරීම සිදු නොකළ යුතු බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය...
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා නියමිත වේලාවට ගුවන්ගත කිරීමට නොහැකි නම් ගුවන් ගත කිරීම සිදු නොකළ යුතු බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.
ශ්‍රී ලංකන් ගුවන් යානා ගුවන් ගත වීම ප්‍රමාද වීම නිසා එම මගීන්ට වෙනත් ගුවන් සේවා භාවිතා කරන ලෙස පැවසීමට සිදුවන බවත් ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳව නිලධාරීන් ද පරස්පර අදහස් ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.
ඇතැම් නිලධාරීන් ඉල්ලන ආකාරයට වැටුප් වැඩි කිරීම් ලබාදිය නොහැකි බවද ගුවන් යානා කිහිපයක් ප්‍රමාදවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.
No comments