Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල් ජර්මනියේදී කියපු කතාවලට උත්තර දෙන්න කාදිනල් හිමිත් ජර්මනියට යයි! ‘ඩොයිෂ් වෙල්’ නාලිකාව එක්කම විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලෑස්තියි!

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජර්මානු සංචාරය අතරතුරදී එරට ප්‍රධාන රූපවාහිනී නාලිකාව වන ඩොයිෂ් වෙල් නාලිකාවට පාස්කු ප්‍රහාර සිදුවීම ම...

 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජර්මානු සංචාරය අතරතුරදී එරට ප්‍රධාන රූපවාහිනී නාලිකාව වන ඩොයිෂ් වෙල් නාලිකාවට පාස්කු ප්‍රහාර සිදුවීම මුල් කරගෙන සිදුකළ ප්‍රකාශවලට පිළිතුරු ලබාදීමට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ‘ඩොයිෂ් වෙල්’ නාලිකාවටම විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම සඳහා කාදිනල් හිමිපාණන් ජර්මනිය බලා පිටත්ව යෑමට සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ ඇතැම් ප්‍රකාශ අසත්‍ය බවත්, තවත් ප්‍රකාශ පරස්පර විරෝධී බවත් සඳහන් කරමින් කතෝලික සභාව විසින් මේ වනවිටත් නිවේදනයක් නිකුත් කොට ඇත.

ඒ අනුව සිය ජර්මානු සංචාරය අතරතුරදී කාදිනල් හිමිපාණන් ‘ඩොයිෂ් වෙල්’ නාලිකාව හරහාම ජනාධිපතිවරයාගේ අදාළ ප්‍රකාශවලට පිළිතුරු ලබාදීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හටද සම්මුඛ සාකච්ඡාවක් සදහා ඩොයිෂ් වෙල් නාලිකාවෙන් ආරාධනාවක් ලැබී ඇති බව දැනගන්නට ඇත.

විපක්ෂනායකවරයා විසින් එම ඉල්ලීම පිළිගෙන ඇති බවද වාර්තා වේ.

No comments

Ads Place