අධික පොලී අනුපාතයන් යටතේ නීතිමය රාමුවකින් තොරව මාර්ගගත ක්‍රමවේදය හා සමාජ මාධ්‍ය ජාලා හරහා මුදල් ලබාදීම හේතුවෙන් රටේ ජනතාව දැඩි අපහසුතාවයට ...
අධික පොලී අනුපාතයන් යටතේ නීතිමය රාමුවකින් තොරව මාර්ගගත ක්‍රමවේදය හා සමාජ මාධ්‍ය ජාලා හරහා මුදල් ලබාදීම හේතුවෙන් රටේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔන්ලයින් මූල්‍ය වංචාවන්ගෙන් අගතියට පත්වූවන්ගේ සංගමය සදහන් කරයි.
මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ක්ෂණිකව ණය මුදල් ලබා දෙන ආයතන වලින් ක්ෂණිකව ණය ලබාගත් ඇතැම් පුද්ගලයින් මේ වන විටත් තමන් මුහුණ පෑ ඇති අපහසුතාව පිළිබඳ පොලිස් ස්ථාන වෙත පැමිණිලි කර ඇති බවද වාර්තා වේ.
එම ක්‍රමවේද ඔස්සේ ණය ලබාගෙන අපහසුතාවයට පත් වූ පිරිසක් ඔන්ලයින් මූල්‍ය වංචාවන්ගෙන් අගතියට පත්වූවන්ගේ සංගමය යනුවෙන් සංගමයක් පිහිටුවා කොළඹදී (01) මාධ්‍ය හමුවක් කැදවා තිබුණේය.
No comments