විශ්‍රාමික යුධ හමුදා පවුල් දාහතර දහසකින් සියයට අනූවක ඡන්දය ජාතික ජන බපවේගයට හිමිවන බව බුද්ධි අංශ වාර්තාවකින් හෙළි වී ඇති බව ජාතික ජන බලවේග...
විශ්‍රාමික යුධ හමුදා පවුල් දාහතර දහසකින් සියයට අනූවක ඡන්දය ජාතික ජන බපවේගයට හිමිවන බව බුද්ධි අංශ වාර්තාවකින් හෙළි වී ඇති බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
බුද්ධි අංශ සාමාජිකයකු විසින් තමන්ට මේ බව දැනුම් දුන් බවත් ඊට අදාළ කෙටි පණිවිඩය ද මේ වන විට තමන් සතුව ඇති බවත් ඔහු පැවසීය.
දිසානායක මහතා මේ බව කියා සිටියේ ජාතික ජනබලවේගයේ ‘හමුදා සාමූහික’ සම්මන්ත්‍රණයක් අමතමිනි.
සමාජ ජාල වාරණයකට සූදානම් වෙමින් ධනය රැස්කරමින් පාලකයන් ඊළඟ ජනාධිපතිවරණට සූදානම් වන නමුත් ජාතික ජන බලවේගයට ඇත්තේ ජනතාවගේ මතය එක්රැස් කිරීම බවත් එය මේ වන විට සිදු කරමින් සිටින බවත් ඔහු එහිදී කියා සිටියේය.
No comments