සිය චීන සංචාරය නිමවා දිවයිනට පැමිණි පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව...
සිය චීන සංචාරය නිමවා දිවයිනට පැමිණි පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ දිනවල ආන්දෝලනයට තුඩු දී සිටින අමාත්‍යවරුන් 6 දෙනකු ඉවත් කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.
නමුත් එම ඇමැති ධූර පිරවීමේදී පිටත සිටින කිසිවකුට අලුතින් තනතුරු නොදීමටද ජනාධිපතිවරයා තීරණය කොට ඇතැයි පැවසේ.
ඒ අනුව ඇමැති තනතුරු දරන කිහිප දෙනකු අතරේ මෙම අමාත්‍ය ධූරද බෙදා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවද දැනගන්නට තිබේ.
No comments