Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බීලා ඩ්‍රයිව් කරපු එකෙක් අල්ලන පොලිස් නිලධාරියාට 5000ක බෝනස් එකක්!

  බීමතින් වාහන පදවා අත්අඩංගුවට ගන්නා එක් රියදුරකු වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට රුපියල් 5,000ක දිරි දීමනාවක් ගෙවීම මේවන විටත් අරඹා ඇතැයි රථවාහන...

 



බීමතින් වාහන පදවා අත්අඩංගුවට ගන්නා එක් රියදුරකු වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට රුපියල් 5,000ක දිරි දීමනාවක් ගෙවීම මේවන විටත් අරඹා ඇතැයි රථවාහන පරිපාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසා ඇත.

නියමු ව්‍යාපෘතියක් ලෙසින් එය මේ මාසයේ සිට වසර අවසානය දක්වා වන මාස 3ක කාලය (ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර්) තුළ සිදු කෙරෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය. බීමත් පුද්ගලයන් නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීමට පොලිස්පතිවරයාගේ නිර්දේශ අනුව මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ බවද ඔහු පෙන්වා දුන්නේය.

බීමත් රියදුරන් හඳුනා ගැනීම පිණිස අදාළ උපකරණ 180,000ක් මේ වන විටත් පොලිස් ස්ථානවලට ලබා දී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

පොලිස් නිලධාරීන්ට ලබා දෙන විශේෂ දීමනාව නිසා එම නිලධාරීන්ද වැඩි උනන්දුවකින් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇති බවත් ඔහු හෙළි කළේය.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් බීමත් බව තහවුරු වීමෙන් පසු අනිවාර්යෙන්ම අධිකරණයට පමුණුවා දඩ ගැසීම් සිදු කෙරේ.

පසුගිය 2022 වසරේ පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන ලද බීමත් රියදුරන් සංඛ්‍යාව 25,038කි. ඒ අනුව දිනකට ආසන්න වශයෙන් බීමත් රියදුරන් 70කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ බීමත් රියදුරන්ගෙන් අය කර ගන්නා ලද දඩමුදල රුපියල් මිලියන 622කි.

No comments

Ads Place