Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන අඛණ්ඩව තුන් වෙනි වරටත් ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් සියයට 2% අතරට

  ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 35 දෙනෙක් ලොව ප්‍රම...

 




ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 35 දෙනෙක් ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් සියයට 2% අතරට ඇතුලත්ව ඇති බව සදහන් කරයි.

එම ශ්‍රී ලාංකික විද්‍යාඥයන් අතර මෙත්තිකා විතානගේ, රනිල් ජයවර්ධන, ජනක ඒකනායක, සේනක රාජපක්ෂ, සරෝජ් ජයසිංහ, මොහාන් මුණසිංහ, එස්.ඒ.එම් කුලරත්න යන ශ්‍රී ලාංකික මහාචාර්ය මහාචාර්යවරියෝ සිටින අතර ශ්‍රී ලංකික විද්‍යාඥයන්ගෙන් බහුතරයක් වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් වේ.

මෙම ලැයිස්තුවට රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කල අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන අඛණ්ඩව තුන් වෙනි වරටත් මෙම ලයිස්තුවට ඇතුලත්ව ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනපදයේ ස්ටැන්ෆඩර් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් විසින් වන අතර වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කරයි.

No comments

Ads Place