Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි බිල සියයට 18කින් වැඩි කරයි.!

රුපියල් බිලියන 32ක අලාභය පියවීම සඳහා පවතින වත්මන් තත්ත්වය හමුවේ සියයට 18% විදුලි ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් ක...

රුපියල් බිලියන 32ක අලාභය පියවීම සඳහා පවතින වත්මන් තත්ත්වය හමුවේ සියයට 18% විදුලි ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

විදුලි ගාස්තු සංශෝධනය එළඹෙන ජනවාරි මාසයට යෙදී තිබියදී මෙම මාසයේ සිට යළිත් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දී ඇත.

ගාස්තු වැඩි කිරීම ගැන මහජන උපයෝගිතා කොමිසම කරුණු 3ක් මත ප්‍රතික්ෂේප කළ අතර ඒ දෛනික විදුලි ඉල්ලුම පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා අඩුවීම, ජල විදුලි උත්පාදනය පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඉහළයාම සහ ගල්අඟුරුවල පුරෝකථනය කළ පිරිවැය පහළයාම.

විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා තිබුණේ සියයට 22% කින් ගාස්තු වැඩි කිරීමට හෝ විදුලි ඒකකයක් රුපියල් 08කින් වැඩි කිරීමට වන අතර එහෙත් සංශෝධිත වාර්තාවක් යළිත් යොමු කරන ලෙස කොමිසම විසින් දැනුම්දී ඇත.

No comments

Ads Place