Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මගී බස්රථය මතට ගසක් කඩා වැටෙයි..17ක් රෝහලේ

  අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී තිබේ. පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් ...

 


අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී තිබේ.

පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කරමින් ඇති බවය.

ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති අතර අදාළ බස් රථය කොළඹ - දෙනියාය බස් රථයකි.

අනතුර හේතුවෙන් මේ වනවිට එම මාර්ගය අවහිර වී ඇති බවද පොලීසිය පැවසීය. 

මෙම බස්රථය කොළඹ සිට දෙනියාය බලා ධාවනය වූ බස් රථයකි, මෙහිදී 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

අනතුරෙන් බස් රථයේ සිරවී සිටින පුද්ගලයින් දෙදෙනෙකුව පොලීසිය සහ ගුවන් හමුදා නිලධාරීන් එක්ව මුදාගැනීමට උත්සාහ කරමින් ඇති බවද වාර්තා වෙයි.

No comments

Ads Place