Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාස 14ක් ජැක්සන් හුස්ම ගත්තෙ පවුලේ ඥාතීන් විසින් එකතු කළ මුදලෙන් ගත් ස්වසන යන්ත්‍රයකින් - සමාජ මාද්‍ය මඩවලට සජිත උත්තර දෙයි..

  අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට සුළු මොහොතකට පෙර රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේදී...

 



අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට සුළු මොහොතකට පෙර රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේදී සිදුකෙරිණි.

එම අවස්ථාවට කලාකරුවන්, දේශපාලනඥයින් ඥාතීන් ඇතුළු අතිවිශාල ජනකායක් එක්ව සිටියේය.

මෙහිදී ස්තූති කතාව සිදු කළ ජැක්සන් පවුලේ බාලයා වූ සජිත අනුත්තර විසින් සිය පියාණන්ට පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය තුළ එල්ල කර තිබූ මඩ ප්‍රහාර සම්බන්ධයෙන් පළමු වතාවට පිළිතුරු ලබා දීමට පියවර ගෙන තිබිණ.

ඒ, මාස 14ක් තිස්සේ ජැක්සන් ඇන්තනි මහතා හට සවි කොට තිබූ කෘත්‍රීම ස්වසන යන්ත්‍රය සම්බන්ධයෙනි.

එහිදී හෙතෙම කියා සිටියේ පවුලේ ඥාතීන් විසින් එකතු කළ මුදලෙන් ගත් ස්වසන යන්ත්‍රයකින් මෙතුවක් කල් සිය පියා ජීවත් වූ බවත්, මේ මොහොතේ සිට වසර 15ක් පමණ යනතුරු එම යන්ත්‍රයෙන් රෝගීන් ජීවිතය ලබා ගනු ඇති බවත්ය.

No comments

Ads Place