Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැනුම් අහන පොලිසියට මලක් වෙන කෑගල්ල DIG ගෙන් කලා අංශයේ ප්‍රථමයාට තෑගි..

  මෙවර උසස්පෙළ කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා වුයේ දැදිගම පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකයෙකු ලෙස රාජකාරි කරන ඩබ්ලිව්.එම්.එම්. මුදියන්ස...

 



මෙවර උසස්පෙළ කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා වුයේ දැදිගම පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකයෙකු ලෙස රාජකාරි කරන ඩබ්ලිව්.එම්.එම්. මුදියන්සේ  මහතාගේ දියණිය වන සචිනි සත්සරණී අතපත්තු දියණියයි. 

      මැය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිතුමන් වන රොෂාන් රාජපක්ෂ මහතා විසින් මැයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා මුදල් ආධාර පරිත්‍යාගයක් කර තිබෙනවා ඒ වගේම මේ දැරිවියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය සියළු පහසුකම් පිළිබද සොයා සොයාබැලීමට දැදිගම සහ වරකාපොල යන පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මැතිතුමන් විසින් උපදෙස් ලබා දී ඇත 

ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති තුමන් විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ අසරණ පවුල් වලට සහ විශේෂයෙන් ළමුන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරමින් සිටින බවයි අපට වාර්තාවන්නේ , මෙය ලංකාවේ සිටින අනිත් පොලිස් නිලධාරීන්ටද ආදර්ශයක් වනු ඇත ඒ වගේම හැමදාම බැනුම් අහන පොලීසියට මෙවැනි නිලධාරීන් තව තවත් පහල වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

No comments

Ads Place