Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හරක් කටා CIDයේදී බලය පෙන්වයි.. දුරකථන ඇමතුමකට ලක්ෂ එකහමාරයි.!

  දේශීය හා විදේශීය දුරකථන ඇමතුම් ලබාගැනීමට එක් ඇමතුමක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ මුදලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරී...

 

දේශීය හා විදේශීය දුරකථන ඇමතුම් ලබාගැනීමට එක් ඇමතුමක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ මුදලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට ගෙවා ඇති බව සිදුකළ විමර්ශන වලින් අණාවරණය වී ඇත.

හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් විශේෂ සැලකිය ලබාදී ඇති අතර හරක් කටාට අවශ්‍ය කරන සියලුම සුඛෝපභෝගී ආහාරපාන ලබාදීමට ඇතැම් නිලධාරීන් කටයුතු කර ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් පොලිස් නිලධාරිනියන් හරක් කටාට තම නිවසින් සකස් කර ආහාර පාන බත් පාර්සල් පවා ගෙනැවිත් දී ඇති අතර එම සියලු උදව් උපකාර වෙනුවෙන් හරක් කටා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් සහ වටිනා දේ අත දිගහැර ලබාදී ඇති බවද විමර්ශන වලින් අණාවරණය වී ඇත.

අපරාධ කල්ලි නායක හරක් කටා රඳවාගෙන විමර්ශන පැවැත්වූ එම දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ නිලධාරීන් සහ නිලධාරිනියන් 12 දෙනකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වනවිට ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

No comments

Ads Place