දිඹුලාගල රන්කෙත්ගම ගම්මානයේ ගෙවත්තක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී මියගිය වන අලියෙකුගේ සිරුර කොටස් කර වල දැමීමට සූදානම් කර සිටි පුද්...
දිඹුලාගල රන්කෙත්ගම ගම්මානයේ ගෙවත්තක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී මියගිය වන අලියෙකුගේ සිරුර කොටස් කර වල දැමීමට සූදානම් කර සිටි පුද්ගලයෙක් ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දෙහිඅත්තකණ්ඩිය අතිරේක මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් අයේෂා දිසානායක ඊයේ (25) නියෝග කළාය.
අපරාධය සිදුකළ 56 හැවිරිදි ඉඩම හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
වනජීවි කාර්යාලයට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් සැකකරු එම වන අලියාට විදුලි සැර වැදී මියයෑමෙන් පසු ගෙවත්තේ කෙළවරක විශාල වළක් කපා වන අලියාගේ දකුණු පාදය සහ දකුණු අත කපා කොටස් කර වළදැමීමට සූදානම් කර ඇති බවද වන අඩවි ආරක්ෂකවරයා කීවේය.
සිද්ධිය සම්බන්ධ නාමල්ගම අඩවි ආරක්ෂක යූ. ඩී.ජී.පී.එම්. ආරියසිංහ, ඩී.ජේ. දිනේෂ් ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් සහ සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී . ආර්.ජී. නෙත්තසූරිය ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.
No comments