Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුලතිව් වන මැදින් මතුවූ සිරිපතුල

  මුලතිව් ඔට්ටිසුඩාන් වාවෙට්ටි කදුකර ප්‍රදේශයේ කැළෑවකින් පුරාණයේ මිනිසුන් විසින් වන්දනාමාන කරණ ලද නටබුන් සහිත ස්ථානයක් හමු වී ඇති බව වාර්තා ...

 



මුලතිව් ඔට්ටිසුඩාන් වාවෙට්ටි කදුකර ප්‍රදේශයේ කැළෑවකින් පුරාණයේ මිනිසුන් විසින් වන්දනාමාන කරණ ලද නටබුන් සහිත ස්ථානයක් හමු වී ඇති බව වාර්තා වේ.

ඔට්ටිසුඩාන් තානේස්වරී ප්‍රදේශයේ හින්දු ජනයා විසින් කෝවිලක් ඉදිකරගෙන ඊට වන්දනාමාන කරන අතර එම ස්ථානයට කිලෝ මීටර් පහක් පමණ ඈතීන් වාවෙට්ටි කදුකර ප්‍රදේශයෙන් මෙම නටබුන් සහිත ස්ථනය හමු වී ඇත්තේ කෝවිලේ කිරිබත් පිසීමට මීපැණි එකතු කිරීමට ගිය වැසියන් පිරිසකටයි.

ඔවුන් මේ පිළිබදව පළාතේ ග්‍රාම නිලධාරීවරයාට තොරතුරු දැනුම් දීමෙන් පසුව ඔහු ඒ සම්බන්ධයෙන් විස්තර පුරාවිද්‍යා නිලධාරීන්ට, මුලතිව් දිසාපති කාර්යාලයට හා යාපනය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අංශයට දැණුම් දී තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ දෙදෙනෙකු එම ස්ථනයට පැමිණ ඇති අතර ඔවුන් පවසා ඇත්තේ එම නව නටබුන් වලින් එකක් ශ්‍රී පතුලක් විය හැකි බවයි.

කෙසේ වෙතත් මේ පළාතේ වසර ගණනාවකට ඉහතදී ජනාවාස තිබූ බවට සාධක මේ තුලින් ප්‍රකාශිත වන නමුත් ස්ථානය තහවුරු කොට කැණීම් සිදු කිරීමෙන් පසුව මිස ඒ ගැන වැඩිදුර තොරතුරක් ප්‍රකාශ කළ නොහැකි බව යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ පිරිස පවසා තිබේ.

ඔට්ටුසුට්ටාන් සිට මාන්කුලම් පාර හරහා ගමන් කරන විට 14 වැනි සැතපුම් කණුවේදී වම් පසින් ගැටිති සහිත මාර්ගයක් හමුවන අතර එම මාර්ගයේ කිලෝ මීටර් 11 ක් පමණ ගමන් කරන විට අළුතින් නටබුන් හමු වූ සහිත ස්ථානයට ප්‍රවේශවිය හැකියි.

කෙසේ වෙතත් අළුතින්ම නටඹුන් හමු වූ මේ ස්ථානයට හින්දු බැතිමතුන් මල් පහන් පූජා කොට ආපසු පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

No comments

Ads Place