ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතැම් විට පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විය හැකි බවද පොදුජන පෙරමුණේ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතැම් විට පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විය හැකි බවද පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.
ජනාධිපතිවරණ කාලය වන විට රටේ ජනතාව කුමන ආකාරයේ අපේක්‍ෂකයකු බලාපොරොත්තු වන්නේ දැයි පුරෝකථනය කිරීමට නොහැකි බවත් ජනාධිපති අපේක්ෂකයකු වේලාසන නම් කිරීමට පක්ෂය කටයුතු නොකරන බවද මහලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.
ලබන වසර වනවිට රටේ ජනතාවගේ සිතුම් පැතුම් සලකා බලමින් අපේක්ෂකයෙකු නම් කරන බවත් එම ජනාධිපති අපේක්ෂකයා අනිවාර්යයෙන්ම පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයෙකු බවද මහලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.
ඉදිරි පැය 48 ක කාලය තුළ තමන් ඇමරිකාව බලා යන බවත් එය රට අතහැර යාමක් නොවන බවත් එරටින් ලද ආරාධනාවක් අනුව දින කිහිපයක සංචාරයක් පමණක් බවද මහලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මේ බව සඳහන් කරයි.
No comments