රටපුරා රෝහල්වල පවතින උග්‍ර අක්ෂි කාච හිඟය නිසා සෑම රෝහලකම අක්ෂි සැත්කම් නතරවීමේ අවදානමක් ඔඅතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් ...
රටපුරා රෝහල්වල පවතින උග්‍ර අක්ෂි කාච හිඟය නිසා සෑම රෝහලකම අක්ෂි සැත්කම් නතරවීමේ අවදානමක් ඔඅතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් අක්ෂි සැත්කම් පොරොත්තු ලේඛනයට දෛනිකව එකතු වන රෝගීන්ගේ සංඛ්‍යාවද වැඩිවී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපැයුම් අංශයේ ඖෂධ හා වෛද්‍ය උපකරණ පිළිබඳ තොරතුරු ඇතුළත් ‘ස්වස්ථා’ පරිගණක පද්ධතියේ ඊයේ (3 වැනිදා) පස්වරුවේ සඳහන් වූයේ අක්ෂි කාච කිසිදු රෝහලක නොමැති බවයි.
කොළඹ ජාතික අක්ෂි රෝහලේ පමණක් මහා බ්‍රිතාන්‍යයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු අක්ෂි කාච 5000 ක් පමණ තිබෙන බවද එම රෝහලේ ආරංචි මාර්ග සනාථ කළේය. එහෙත් දිවයින පුරා රෝහල්වල මාසිකව අක්ෂි සැත්කම් සිදු කිරීම සඳහා අක්ෂි කාච 15000 ක් පමණ අවශ්‍ය වෙයි. අක්ෂි කාච වර්ග හතක් සැපයීම සඳහා කැබිනට් මණ්ඩලය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අනුමැතිය ලබාදී ඇත්තේ මෙම වසරේ ජනවාරි 23 වැනිදාය. එම අනුමැතියට අනුව ටෙන්ඩර් දෙකක් ක්‍රියාත්මක වුවද සැපයුම්කරුවන් දෙදෙනකු අතර පවතින මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් අක්ෂි කාච ගෙන ඒම ප්‍රමාද වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.
මේ පිළිබඳව සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තගෙන් කළ විමසීමකදී කියා සිටියේ අක්ෂි කාච හිඟය හා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලය මෙම සතියේ දැනුවත් කරන බවයි.
No comments