මේ වනවිට අසල්වැසි ඉන්දියාව ඇතුලුව තවත් රටවල් කිහිපයක ව්‍යාප්ත වී ඇති “නිපා” වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳ...
මේ වනවිට අසල්වැසි ඉන්දියාව ඇතුලුව තවත් රටවල් කිහිපයක ව්‍යාප්ත වී ඇති “නිපා” වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
“නිපා” වෛරසය සම්බන්ධයෙන් රටේ ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත් ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
විශේෂිත පරීක්ෂණ කට්ටල දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත අතර “නිපා” වෛරසය පැතිරීම ඉතා අඩු වේගයක් පෙන්නුම් කරන බැවින් එය රටවල් අතර පැතිරීමේ අවදානමක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සදහන් කරයි.
“නිපා” වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ එන්නතක් ගෝලීයව මෙතෙක් නිෂ්පාදනය වී නොමැති බවද වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකි අබේනායක සදහන් කළහ.
No comments