බමන මත ඉක්මවා යෑම නිසා මාර්ගයේ සිටි නරියෙකුට බල්ලෙක් කියා රැවටී නිෙවසට රැගෙන ගිය යහළුවන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් පස්සර නගරයට නුදුරු ප්‍රදේශය...
බමන මත ඉක්මවා යෑම නිසා මාර්ගයේ සිටි නරියෙකුට බල්ලෙක් කියා රැවටී නිෙවසට රැගෙන ගිය යහළුවන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් පස්සර නගරයට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ.
45 හා 35 හැවිරිදි වියේ පසුවන මොවුන් දෙදෙනා ඉකුත් 6 වැනිදා ඔවුන් නිවෙස්වල සිට කිලෝ මිටර් 10 ක් පමණ දුර ගෙවා පස්සර නගරයට පැමිණ ඇත්තේ ඇඟේ පතේ වෙහෙස මහන්සිය මඟහරවා ගැනීමට පුංචි අඩියක් ගැසීමටය.
කාලය ගතවීමත් සමඟ වෙනදාට වඩා පදම ඉක්මවා ගොස් තිබූ බැවින් ත්‍රිරෝද රථයක නැඟ නිවෙස් බලා යමින් සිටියදී පාරේ සිටි බලු පැටවෙකු වැනි සතෙකු දැක ත්‍රිරෝද රථය නතර කරන ලෙස රියැදුරුට දන්වා ඇත.
එලෙස ත්‍රිරෝද රථය නතරකර ගොස් බැලීමේදී ඔවුන් පමණ ඉක්මවා වෙරිවී සිටීම නිසා ලස්සන බලු පැටවෙක් බව පවසමින් එම සතාද ත්‍රිරෝද රථයට පටවා ගෙන නිවෙස් බලා පිටත්ව ඇත.
නුපුරුදු සතෙකු කෑගසන හඬ ඇසීම නිසා අවට නිවෙස්වල අයවලුන් පැමිණ බලන විට නරියා දැක දම්වැල ලිහා පහර කිහිපයක් දී නරියාව කැලෑවට එළවා දැමීමට අසල්වැසියන් කටයුතු කර ඇත.
No comments