Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දේශීය පුවත් නීතිය අතට ගත් ෆුඩ් සිටි සේවක සේවිකාවන්ගෙන් කාන්තාවකට අමානුෂික හා මිලේච්ඡ ප්‍රහාරයක්

  සුපිරි වෙළඳසැල් ජාලයකට අයත් වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට එම වෙළඳසැල් සේවක සේවිකාවන් පිරිසක් දරුණු හා අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන...

 


සුපිරි වෙළඳසැල් ජාලයකට අයත් වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට එම වෙළඳසැල් සේවක සේවිකාවන් පිරිසක් දරුණු හා අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන සීසිටීවී විඩියෝවක් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

වෙළඳසැල් සේවිකාවක් විසින් අදාළ කාන්තාව එම වෙළඳසැලෙන් පිටවීමට උත්සාහ කිරීමේ දී සේවකයින් විසින් දොරටුව අගුළු දමා ඇයව සිරකරගන්නා අයුරුත් අනතුරුව වෙළඳසැල් සේවිකාවක් විසින් දරුණු ලෙස පහරදෙන අයුරුත් එක් වරෙක පහරකෑමට ලක්වන කාන්තාවගේ උඩුකය අඩ නිරුවත් වන අයුරුත් අදාළ වීඩියෝවල දැක්වෙනවා.

මේ සම්බන්දයෙන් සැප්තැම්බර් 22 දින නිවේදනයක් නිකුත් කරමින් කාගීල්ස් ෆුඩ් සිටි ආයතනය පවසන්නේ අදාළ සිදුවීම අලෙවිසැලේ භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සිදු වූ අවාසනාවන්ත තත්ත්වයක් බවයි. එසේම එහිදී සිය ආයතනයේ වටිනාකම්වලට හා ක්‍රියාපිළිවෙලට එරෙහිව ඇතැම් සේවකයින් සිදුකරනු ලැබූ ක්‍රියාවන් සම්බන්ධයෙන් ලැජ්ජාවටත් කම්පනයටත් පත්වන බව ද එම නිවේදනයේ සඳහන්.

එසේම අදාළ සේවකයින්ගේ සේවය අත්හිටුවා වහාම පරීක්ෂණ ආරම්භ කිරීමට මේ වනවිටත් කටයුතු කර ඇති අතර වගකිවයුත්තන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් ඇතම් පාර්ශව පෙන්වා දෙන්නේ මෙලෙස ආයතනයකින් භාණ්ඩ සොරකමක් සිදුවී එය හසුනොවනහොත් අදාළ වටිනාකම් සේවකයින්ගේ වැටුපෙන් කපා ගැනීම හේතුවෙන් සේවකයින් මෙලෙස හැසිරෙන බවයි.

No comments

Ads Place