Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිලිත් ජයවීර දේශපාලනයට ෆුල් ටයිම් බහී… සමාගම් කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉවත් වෙයි..

  සක්‍රිය දේශපාලනයට පිවිසීමේ අරමුණෙන්, ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ප්‍රසිද්ධ ලැයිස්තුගත සමාගම් කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉවත්ව ඇති බව වාර...

 


සක්‍රිය දේශපාලනයට පිවිසීමේ අරමුණෙන්, ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ප්‍රසිද්ධ ලැයිස්තුගත සමාගම් කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉවත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, Citrus Leisure PLC, Colombo Land and Development Company PLC, Waskaduwa Beach Resort PLC සහ Hikkaduwa Beach Resort PLC යන ආයතනවල විධායක නොවන අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වන බව ඊයේ දිනයේ හෙතෙම වෙන වෙනම නිවේදනය කර ඇතැයි පැවසේ.

දිලිත් ජයවීර යනු, ශ්‍රී ලංකාවේ පැරණිතම වෙළඳ ආයතනයක් වන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමෙහි සමූහ සභාපතිවරයා වන අතර, 1993 වසරේදී ට්‍රයඩ් ලිමිටඩ් ආයතනය සම-සහභාගීත්වයෙන් ආරම්භ කිරීමෙන් ඔහු ප්‍රථම වරට වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්විය.

දෙරණ ජනමාධ්‍ය ජාලයේ ප්‍රධානීයා ද වන දිලිත් ජයවීර මහතා මව්බිම ජනතා පක්‍ෂයේ නායකත්වයට පත්කර ඇති බව පසුගියදා ප්‍රකාශ කෙරුණේ, ඔහු විධිමත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවට ඉඟි කරමිනි.

ප්‍රවීණ දේශපාලනඥයකු වන හේමකුමාර නානායක්කාර මහතාගෙන් දිලිත් ජයවීර මහතා පක්ෂයේ නායකත්වය භාරගෙන ඇති අතර, හේමකුමාර නානායක්කාර මහතා දැන් එම පක්ෂයේ ‘ජ්‍යෙෂ්ඨ නායක’ යන නාමයෙන් උපදේශක තනතුරක් දරනු ලබන බවයි වාර්තා වන්නේ.

No comments

Ads Place