Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිරිහානේ බස් රථයට ගිනි තැබූ සැකකරු අත්අඩංගුවට ගනී..

  මිරිහානේ සිද්ධියේදී යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වසරකුත් මාස 5ක කාලයකට පමණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි...

 


මිරිහානේ සිද්ධියේදී යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වසරකුත් මාස 5ක කාලයකට පමණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවස අසල ඉකුත් වසරේ සිදුවූ කලහකාරී සිදුවීම අතරතුරදී මෙම සිද්ධිය ඇතිවී තිබුණි.

සැකකරු ඊයේ (02) ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔහු වෙනුවෙන් කිසිඳු නීතීඥවරයෙක් පෙනී නොසිටී බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස අසල පසුගිය වසරේ මාර්තු 31 වනදා සිදුවූ කලහකාරී සිදුවීම අතර යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියක් වාර්තාවුණි.

අදාළ සිදුවීම පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට පොලිස්පති නියමයෙන් පැවරුණි.

ඒ අනුව අදාළ බස් රථය ගිනි තැබූ ප්‍රධාන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මාධ්‍ය හරහා මහජන සහායද ඉල්ලා තිබුණි.

අනතුරුව වසරකුත් මාස 5කට පසුව එම පුද්ගලයා මහියංගනය ප්‍රදේශයේ සිටින බවට විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඔහුව ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අදාළ දිනයේදී ඔහු සිය බිරිඳ සමග මාලබේ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිවී සිටින අතරතුරදී එම ස්ථානයට ඇයද කැටුව ගොස් ඇති බවය.

එමෙන්ම තමන් අදාළ බස් රථයට ගිනි තැබූ බවද ඔහු විමර්ශන නිලධාරින් හමුවේ පිළිගෙන තිබේ. 

අනතුරුව මාධ්‍යවලින් තම රුව සහිත ඡායාරූප පළවීමත් සමග අදාළ සිදුවීම සිදුවූ දිනයේ හැඳසිටි ඇඳුම් සියල්ල ඔහු විසින් විනාශකර ඇති බවත් විමර්ශන නිලධාරීන් හමුවේ සැකකරු පවසා තිබේ.

සැකකරු 33න් හැවිරිදි මහියංගනයේ පදිංචිකරුවකු වන අතර ඔහුව අද දිනයේදී ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත් නදීරා බෝගදෙණිය මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි.

එහිදී පොදු දේපළ පනත යටතේ සැකකරුවට නඩු පැවරනු ලැබීය.

No comments

Ads Place