“ලබන 7 වැනිදා අපේ ගමට එන රනිල් වික්‍රමසිංහට වෙඩි තියන්න ස්නයිෆර් එකක් මට දෙන්න බැරිදැයි” යන වැකිය අන්තර්ජාලයට මුදාහළ 17 හැවිරිදි චූන් පාන්...
“ලබන 7 වැනිදා අපේ ගමට එන රනිල් වික්‍රමසිංහට වෙඩි තියන්න ස්නයිෆර් එකක් මට දෙන්න බැරිදැයි” යන වැකිය අන්තර්ජාලයට මුදාහළ 17 හැවිරිදි චූන් පාන් වෙළෙන්දා ලබන 8 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (04දා) නියෝග කර තිබේ.
එප්පාවල පොලිසිය විසින් පෙරේදා (03දා) අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබූ එම තරුණයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04දා) අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බව තම අධිකරණයට පෙනී නොයන බවත් තම අධිකරණය ප්‍රමාණවත් සාක්‍ෂි අනාවරණය වීමකින් තොරව එවැනි තීන්දු තීරණ නොදෙන බවත් පවසා ඇති ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සැකකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ විමර්ශන සිදුකරන්නේ නම් තම අධිකරණය සෑහීමට පත්වන බව පවසා තිබේ.
ත්‍රිරෝද රථයකින් ප්‍රදේශ පුරා ගොස් පාන් බනිස් අලෙවි කිරීම ජීවන වෘත්තිය ලෙස කරන එම තරුණයා ත්‍රස්තවාදියකු හෝ අපරාධකරුවකු නොවන බවත් කොලුකමට හිතට ආ සිතුවිල්ලක් අන්තර්ජාලයට මුදාහළ පමණින් ඔහුගේ අනාගතය අඳුරු නොකළ යුතු බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පවසා ඇත.
No comments