13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට පැවරී තිබෙන බලතල අභිබවා ගොස් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට බාධා වන ලෙස නැගෙනහිර පළාත් ආණ්...
13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට පැවරී තිබෙන බලතල අභිබවා ගොස් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට බාධා වන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් විසින් නිකුත් කර තිබෙන ලිපියක් පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි.
භූ විද්‍යා හා පතල් කාර්යාංශය අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම තුළින් සඳහන් කර ඇත්තේ, ඛනිජ කැණීම්, ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීම්, ඒවා කළමනාකරණය කිරීම් යනාදී කටයුතුවල පූර්ණ බලය තම කාර්යාංශය වෙත පැවරී තිබෙන බවයි.
තම කාර්යාංශය විසින් විමර්ශන සිදුකර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඛනිජ වැලි කැණීම් සිදුකළ හැකි වර්ග කිලෝමීටර් 13ක භූමි භාගයක් හඳුනාගත් බවත් එම ප්‍රදේශයේ කැණීම් සිදුකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවලින් අවශ්‍ය අනුමැතිය ලබාගෙන තිබෙන බවද සදහන් කර ඇත.
එහෙත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග මත නැගෙනහිර පළාත් ලේකම්වරයා විසින් ඉකුත් මාර්තු මස (16) වනදා ලිපියක් යොමු කරමින් පළාත් ඛනිජ ඇගයීම් කමිටුවේ වෙත අදාළ යෝජනාව යොමුකර අවශ්‍ය අනුමැතිය ලබාගත යුතු බවත් එතෙක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසර දිය නොහැකි බවද අදාළ සමාගම වෙත දැනුම්දී තිබූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කර ඇත.
ඛනිජ සම්පත් හා ඒවායේ කැණීම් සම්බන්ධ හා ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ පූර්ණ බලතල පැවරී තිබෙන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන තම ආයතන වෙත බවත් ඛණිජ සම්පත් හා සම්බන්ධ කටයුතු පළාත් සභා විෂය පථයට අදාළ නොවන බවත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර තිබෙන මෙම නියෝගය මුළුමනින්ම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභා වෙත පැවරී තිබෙන බලතල අභිබවා ගොස් කටයුතු කිරීමක් බවද සදහන් කරයි.
No comments