Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොව ප්‍රථමවරට පිටසක්වල ජීවින් ප්‍රදර්ශනය කෙරේ

  මිනිසුන් හෝ පෘථිවියේ ජීවත්වන බවට අනුමාන කළ නොහැකි දෙදෙනෙකුගේ සිරුරු දෙකක් මෙක්සිකෝවේදී ප්‍රදර්ශනය කර තිබේ. ඇතැම් මාධ්‍ය මෙම අවස්ථාව අර්ථදක...

 



මිනිසුන් හෝ පෘථිවියේ ජීවත්වන බවට අනුමාන කළ නොහැකි දෙදෙනෙකුගේ සිරුරු දෙකක් මෙක්සිකෝවේදී ප්‍රදර්ශනය කර තිබේ.

ඇතැම් මාධ්‍ය මෙම අවස්ථාව අර්ථදක්වා ඇත්තේ "ලොව ප්‍රථමවරට පිටසක්වල ජීවින් ප්‍රදර්ශනය කෙරේ" යනුවෙනි.

එම මළ සිරුරු දෙකෙහි නිල හෙළිදරව් කිරීම හඳුනා නොගත් වස්තූන් පිළිබඳ විමර්ශනය කරනු ලබන Jaime Maussan විසින් සිදු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කුඩා මළ සිරුරු දෙක සියලු නිරීක්ෂකයින්ට දැක බලා ගැනීමට අවස්ථාව හිමිවී ඇති අතර සංවිධායකයින් කියා සිටියේ කුඩා මමීකෘත නිදර්ශක වසර දහසක් පැරණි බවත් එය පේරු හි කුස්කෝ ප්‍රදේශයෙන් නැවත ලබාගෙන ඇති බවයි.

මිනිස් රූප ලෙස දැක්වෙන දිගටි හිස් සහිත මෙම සිරුරු වකුටු වී ඇති අතර දෑත් සහ පාදවල ඇඟිලි තුනක් වන බව විදෙස් මාධ්‍ය පවසයි.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ මෙම සිරුරු වසර 1000කට ආසන්න කාලයක් පැරණි බවට හෙළිවී ඇති බවයි.

එසේම මෙම සිරුරු පතල්වලින් සොයාගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

https://m.youtube.com/watch?v=yRGhT8j0LTk&embeds_referring_euri=https%3A%2F%2Fwww.aruna.lk%2F&source_ve_path=Mjg2NjY&feature=emb_logo

No comments

Ads Place