Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුමිරිය රියදුරන් අදත් වර්ජනයේ.. දුම්රිය රැසක් අවලංගුයි.!

  අද (13) දිනයේ දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළද වැඩ වර්ජනය අත්නොහරින බව ලොකොමොටොව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනා...

 


අද (13) දිනයේ දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළද වැඩ වර්ජනය අත්නොහරින බව ලොකොමොටොව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක සඳහන් කරයි.

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය 12 ක්, ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක්, කැලණි වැලි මාර්ගයේ දුම්රිය 4 ක් හා හලාවත මාර්ගයේ දුම්රිය 4 ක් කොළඹ දක්වා ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දුර පළාත්වල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද සහිතව කාර්යාල සේවය සඳහා ගමන් ගන්නා මගීන් වෙත ගමන් වාර යෙදවීමටද සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය රියදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ මගීන් රැසක් දැඩි පීඩාවට පත්ව ඇති අතර ඊයේ දින අවලංගු කෙරුණු දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 120 කි.

දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ සදහන් කළේ,

“දුම්රිය රියදුරන් විසින් ඊයේ දිනයේ ආරම්භ කළ වර්ජනය අද දිනයේදීත් දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ වුණත් රියදුරන්ගෙන් කොටසක් මේ වනවිට රාජකාරියේ නිරතවන නිසා දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඔවුන් වර්ජනය කොපමණ දිනයක් ක්‍රියාත්මක කරනවා ද කියලා හරියට තොරතුරු ලබාදීලා නැති නිසා අපි බලාපොරොත්තු වෙනවා අද දින වර්ජනය අවසන් කරලා සේවයට වාර්තා කරයි කියලා.”

No comments

Ads Place