Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මූදු පතුළෙන් හමුවූ රත්තරන් බිත්තරය

  ඇලෙස්කා බොක්කේ, අඩි 3,300 ක් ගැඹුරු මූදු පතුළින් විද්‍යාඥයන් පවා මවිතයට පත් කරමින් ‘රත්තරන් බිත්තරයක්’ හමුවී ඇත. බිත්තරයක් යැයි සැක කරන මෙ...

 


ඇලෙස්කා බොක්කේ, අඩි 3,300 ක් ගැඹුරු මූදු පතුළින් විද්‍යාඥයන් පවා මවිතයට පත් කරමින් ‘රත්තරන් බිත්තරයක්’ හමුවී ඇත.

බිත්තරයක් යැයි සැක කරන මෙම අබිරහස් වස්තුව සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම සිදුවන අතර, එය ජීව විද්‍යාත්මක සම්භවයක් ඇති දෙයක් යැයි මූලික පරීක්ෂණවලින් මේ වන විට හෙළි වී තිබේ.

බිත්තරයක හැඩැති මෙම වස්තුව පුපුරා ගොස් ඇති අතර, ඒ තුළින් යම් ජීවියෙක් පිටතට එන්න ඇතැයි සැක කෙරේ. කෙසේ නමුත්, මේ වස්තුව කුමන සතකුගේ බිත්තරයක්දැයි කිසිවකු නොදනී. මෙවැනි වස්තුවක් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

මෙම අබිරහස් වස්තුවේ පළල සෙන්ටි මීටර් 10 කි. මෙය, සැබැවින්ම බිත්තරයක්නම්, මුහුදු පතුලෙන් මෙතෙක් සොයා නොගත් ජීවියකුට අයත් බිත්තරයක් විය හැකි යැයි විද්‍යාඥයන් මාධ්‍ය හමුවේ පෙන්වා දි තිබේ.

මෙම ‘බිත්තරය’ සොයා ගත්තේ ඇමෙරිකාවේ සාගර සහ වායුගෝලීය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් මුහුදු පතුල ගවේෂණය කරමින් සිටිද්දීය.

No comments

Ads Place