එළඹෙන ජනාධිපතිවරණය සදහා අනුර දිසානායක ජනාධිපති අපේක්ෂක වී මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ...
එළඹෙන ජනාධිපතිවරණය සදහා අනුර දිසානායක ජනාධිපති අපේක්ෂක වී මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සදහන් කරයි.
එසේ නැතිනම් ජනාධිපතිවරණය සදහා සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වී මහ මැතිවරණයේදී අනුර දිසානායක අගමැති අපේක්ෂක විය යුතු බවද මන්ත්‍රී ඩිලාන් පෙරේරා සදහන් කරයි.
මැතිවරණයේදී විපක්ෂය කෑලි වලට නොබෙදා එක පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවත් එසේ නැතිව විපක්ෂයෙන් අපේක්ෂකයන් දෙතුන් දෙනෙක් ඉදිරිපත් කළහොත් එහි වාසිය ආණ්ඩුවට ලැබෙන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ජනහමුවක් අමතමින් මේ බව සදහන් කරයි.
No comments