Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිපා වෛරසයේ මරණ අනුපාතය සියයට 75යි.. මුව ආවරණ පළදින්න.. ජනතාවට විශේෂ දැනුම්දීමක්.!

  අසල්වැසි ඉන්දියාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින “නිපා” වෛරසය ගැන මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනතාවගේ දැඩි අවධානය යොමුව ඇත. මෙම “නිපා” වෛරසය ආසාදනය ව...

 

අසල්වැසි ඉන්දියාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින “නිපා” වෛරසය ගැන මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනතාවගේ දැඩි අවධානය යොමුව ඇත.

මෙම “නිපා” වෛරසය ආසාදනය වූ සත්ත්වයින්ගේ ඛේටය, මළ මුත්‍රා සහ එම සතුන් සමග සෘජුව ගැටීමෙන්, එය ඔවුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය විය හැකි බවත් වවුලන් විසින් ආහාරයට ගන්නා පළතුරු සහ මළ මුත්‍රා හා ඛේටය ගැටුණු පළතුරු වෙනත් සතුන් ආහාරයට ගැනීම හරහා වෛරසය ව්‍යාප්ත විය හැකි බවද විශේෂඥ වෛද්‍ය සුමතිපාල සදහන් කරයි.

මෙම “නිපා” වෛරසයේ ප්‍රධානතම සම්ප්‍රේෂකයින් වන ශාක භක්ෂක වවුලන් අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, මැඩගස්කරය සහ ඕස්ට්‍රේලියාව දක්වා ව්‍යාප්ත වී සිටින බවත් ඔවුන් තුළ එම වෛරසය පවතින බවද විශේෂඥ වෛද්‍ය සුමතිපාල සදහන් කරයි.

එනිසා වවුලන් වැනි සතුන් ආහාරයට ගත් බවට සැක කෙරෙන පළතුරු ආහාරයට නොගැනීම සහ පළතුරු පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා ආහාරයට ගැනීම වැදගත් බවත් මස් පිණිස ගන්නා ඌරන් වැනි සතුන්ට වෛරසය ආසාදනය විය හැකි වුවද මෙරටින් එවැනි තත්ත්වයක් වාර්තාවී නොමැති බැවින් මස් වර්ග හොඳින් පිස ආහාරයට ගැනීම ගැටලුවක් නොවන බවද සදහන් කරයි.

යම් හෙයකින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පුද්ගලයින් පැමිණ සිටියි නම් ඔවුන් PCR පරීක්ෂණ හෝ ප්‍රතිදේහ පර්යේෂණයට භාජනය කිරීම මඟින් ඔවුන්ට එම වෛරසය ආසාදනය වී ඇද්දැයි යන්න තහවුරු කළ හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිට “නිපා” වෛරසය ආසාදනය වූ පුද්ගලයින් මෙරටින් වාර්තා වී නොමැති බැවින් ජනතාව මේ මොහොතේදී අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නොවන බවත් එළඹෙන සතිය වනවිට වෛරසය පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පහසුකම් මෙරට තුළ ස්ථාපනය කිරීම සඳහා කටයුතු යොදා ඇති බවද සදහන් කරයි.

මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට උණ ද, පසුව හිසරදය, කැස්ස, උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුතා සහ වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවන බවත්, වෛරසයට නිරාවරණය වී දින 21ක් දක්වා කාලය තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

එම වෛරස ආසාදිතයින් පෙන්නුම් කරන රෝග ලක්ෂණ අනුව ඔවුනට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සිදුකරන බවත් දැනට පවතින තොරතුරු අනුව මෙම “නිපා” වෛරසයට සියයට 40% සිට සියයට 75%ක් දක්වා මරණ අනුපාතයක් පවතින බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

මේ වනවිට මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවුණත් එය පැළඳීමෙන් ඕනෑම අයෙකුට තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සලසාගත හැකි බවත් තමන් අවට සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත වන බවත් මුව ආවරණ පැළඳීම මඟින් “නිපා” වෛරසයෙන් පමණක් නොව “ඉන්ෆ්ලුවෙන්සා” වෛරසවලින්ද ආරක්ෂා විය හැකි බවද සදහන් කරයි.

No comments

Ads Place